නේපාලයේ භූමිකම්පාව හේතුවෙන් එරටේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 42 දෙනෙක් රැගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සී 130 යානය අද (28දා) දහවල් 1.30 ට පමණ කටුනායක ගුවන්තොටුපොළට පැමිණීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
ආහාර, බෙහෙත් ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සහන සේවා නිලධාරීන් කණ්ඩායමක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයක් හෙට (29) පෙ.ව. 8.15 ට කටුනායක ගුවන් තොටුපොළින් කත්මන්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිතය.