නේපාලයේ ඇතිවූ භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා නේපාලයේ ධොලල්ගාට් ප්‍රදේශය ආශ්‍රිතව සහන සේවා කටයුතු වල යෙදෙන ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම් පෙරේදා (03දා) වන විට රෝගීන් 2600 කට අධික පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර සලසා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
එසේම ශ්‍රී ලංකා යුධ, නාවික සහ ගුවන් හමුදා සහන සේවා කණ්ඩායම නේපාල වෙසක් උත්සවය පැවැත්වුණු ඊයේ (04දා) බනේපා නගරයේ පිහිටි ධ්‍යානකුටි බෞද්ධ විහාරස්ථානයේ ආගමික වතාවත් වලට සහභාගී වූ බවද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.