ප්‍රභල භූ කම්පනයකින් විපතට පත් නේපාල ජාතිකයින් වෙනුවෙන් හදිසි සහනාධාර ලබා දීමට ශ්‍රී ලංකා රජය කටයුතු කොට තිබේ.
අද රාත්රියේදී විශේෂ ආධාර රැගත් ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් නේපාලය බලා පිටත්ව යාම සූදානම්ය. ආරක්ෂක අංශයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතවෛද්යවරුන් ගෙන් සමන්විත වෛද්යකාර්යය මණ්ඩලයක් හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැගෙන මෙම ගුවන් යානය නේපාලයට පිටත් වීමට නියමිතය.