නේපාලයේ ආනන්ද කුටි විහාරයේ හා රාතෝ මච්චින්ද්‍රනාත් කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 105ක් ලබාදීමට රජයට සිදුව තිබේ.
නේපාලයට 2005 වසරේදී බලපෑ භූ කම්පනයෙන් එම විහාරය හා කෝවිල විනාශ වූ අතර එය ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රී ලංකාව මුදල් ලබා දෙයි.
එම ප්‍රතිසංස්කරණවලට අදාළ මූලික සැලැස්මට පසුව කරනු ලැබූ ඇතැම් සංශෝධන හේතුවෙන් රුපියල් මිලියන 345ක් වූ එහි ඇස්තමේන්තු ගත පිරිවැය ඉහළ ගොස් තිබේ.
එබැවින් එම අමතර පිරිවැය ආවරණය කරගැනීම සඳහා රුපියල් මිලියන 105 ක අතිරේක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කර ඇති අතර එයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.