භූමිකම්පාවෙන් විපතට පත් නේපාල ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම කූඩාරම් (කුඩා, මධ්‍යම සහ විශාල), මෙට්ට, කම්බිලි, වතුර පිරිසිදු කිරීමේ උපකරණ හා පානීය ජලය, සනීපාරක්ෂක කට්ටල හා භාණ්ඩ, එළිමහන් කඳවුරු සඳහා අවශ්‍ය උපකරණ හා භාණ්ඩ අවශ්‍ය බව නේපාල රජය දන්වා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
මෙම ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කැමති සංවිධාන හා පුද්ගලයන්ට ප්‍රදේශයේ දිසාපතිවරයා වෙත ඒවා බාරදිය හැකි බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයෙන් ද මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.