නේපාලයේ ඇතිවූ භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට අවශ්‍ය සියලු සහාය දෙන බවත්, සෑම විටම ශ්‍රී ලංකාව නේපාලය හා සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. නේපාල ජනපති රාම් බැරන් යාදව් හා විශේෂ දුරකතන සංවාදයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනතාවගේ ශෝකය නේපාලය වෙත ප්‍රකාශ කර තිබේ.
නේපාලයට අවශ්‍ය වෛද්‍යාධාර වැඩි වශයෙන් ලබාදීමට අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙන අතර ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමති වෛද්‍යවරුන්, හෙදි හෙදියන් හා සහායකයන් වේනම් 071-2492484 යන දුරකතන අංකයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහකාර ලේකම් අමතන ලෙසද, එසේ නොමැතිනිම් [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද අවශ්‍ය විමසීම් කරන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහ න් කරයි.
එසේම නේපාලයේ සිටින ශ්‍රී ලංකා වෛද්‍ය ශිෂ්‍යයින්ගෙන්ද අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කරන්නේ නේපාලයේ සහන කටයුතු සඳහා හැකි අයුරින් එක්වෙන ලෙසයි.