නේපාලයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් විපතට පත් දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන ජනතාව වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ඇමෙරිකානු හදිසි මෙහෙයුම් ගුවන් යානා සහ මෙරීන් සෙබලුන් කත්මණ්ඩු නුවර වෙත එවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
භාණ්ඩ ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් ගුවන් යානා නොමැති වීම හේතුවෙන් භූ කම්පනයේ අපිකේන්ද්‍රය ආශ්රිත ප්‍රදේශවල ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා ඇති බව කියැවෙයි.
ඒ අනුව, මෙරීන් සෙබලු 100ක්. හෙලිකොප්ටර් 2ක් සහ ඔස්ප්රේයි නමින් හැඳින්වෙන සෘජුව ගුවන්ගත කළ හැකි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 4ක් මේ වනවිට කත්මණ්ඩු නුවරට ළඟා වී තිබේ.
නේපාලයේ එකම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගැනෙන විශාල ගුවන් යානා ගොඩබෑමේ අපහසුතා හේතුවෙන් මෙම යානා එවීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ.
රික්ටර් පරිමාණ 7.8ක ප්‍රබලත්වයකින් නේපාලයට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මියගිය පිරිස 7,000 ඉක්මවන අතර, තුවාල ලැබූවන් 15,000ක් පමණ වන බව එරටින් වාර්තා වෙයි.