බටහිර නේපාලයේ ගංගාවක් හරස් වෙමින් සිදුවූ කඳු නායයෑමක් හේතුවෙන් එම පහළ ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට මයාග්දි දිස්ත්‍රික්කයේ පිහිටි කාලි ගංදාකී ගංගාව හරස්වීම හේතුවෙන් විශාල ජල තටාකයක් සෑදී ඇති අතර, කත්මණ්ඩු අගනුවරින් කිලෝමීටර් 140ක් පමණ වයඹදිගින් මෙම නායයෑම සිදුව තිබේ.
කෙසේ වෙතත්, දැනට ජීවිත හානි වාර්තා නොවූවත්, නේපාල හමුදාව සිද්ධිය වූ ප්‍රදේශය වෙත සහන මෙහෙයුම් සඳහා යොමුකර ඇති බව එරට බලධාරීහු පවසති.
පසුගිය අප්‍රේල් 25 වැනිදා ඇති වූ රික්ටර් මාපාංක 7.8ක භූකම්පනය මෙන්ම, ඉන් පසුව මැයි 12 වැනිදා ඇති වූ රික්ටර් මාපාංක 7.3ක භූකම්පනයන්ගෙන් පසුව නේපාලයේ කඳුකර ප්‍රදේශ කිහිපයක්ම මෙසේ නායයෑමේ තර්ජනයට ලක්ව ඇති බව කියැවෙයි.