නේපාල භූ කම්පනයෙන් මියගිය පිරිස මේ වනවිට 7,000 ඉක්මවා ඇති අතර, මෙම ස්වභාවික ව්‍යසනයෙන් තුවාල ලැබූ පිරිස 15,000ක් පමණ වන බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට අවශ්‍ය සහනාධාර පහසුවෙන් රට තුළ බෙදාහැරීම සඳහා එරට රේගු නීතිරීති ලිහිල් කරන ලෙසයි.
රේගුවේදී සහනාධාර මුදාහැරීම ප්‍රමාදවීම තුළ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීම් ප්‍රමාද වී ඇති බවට එක්සත් ජාතීන් චෝදනා නඟයි.