නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින භූතාන අග්‍රාමාත්‍ය ෂෙරීන් ටොබ්ගේ මහතා අද (11දා) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැද පුදා ගත්තේය.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී දිසානායක හා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යය පේෂල ජයරත්න යන මහත්වරුන් විසින් ඒ මහතා පිළිගනු ලැබීය.
අනතුරුව භූතාන අග්‍රමාත්‍යයවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක උන්වහන්සේට සිවුරු පිරිකර පූජා කිරීමද සිදු කර ආශිර්වාද ලබා ගත්තේය.
පසුව දූත පිරිස ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැද පුදාගත්තේය. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් විසින් ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ අංකුරයක් භූතාන අග්රඅමාත්යයවරයා වෙත ප්‍රධානය කළහ.