නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වාරුකන්දෙණිය හා ලංකාගම ග්‍රාමනිලධාරී වසම් දෙකෙහි නායයෑමේ අවදානම හේතුවෙන් අවතැන් කඳවුරුවල සිටි පවුල් 34ක් යළිත් නිවෙස්වලට ගොස් ඇතැයි නෙළුව ප්‍රාදේශීය ලේකම් ජානක ගුරුසිංහ මහතා පැවසීය.
භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශය විසින් එම ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ පරීක්ෂණයකින් පසුව වාර්තාවක් නිකුත් කර ඇති බවත්, පැය තුනකට වැඩි කාලයක වර්ෂාවක් යළිත් ඇතිවුවහොත් එම පවුල් නැවත ඉවත් කිරීමට සිදුවන බවත් ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රකාශ කළේය.