කොළඹ 07, නෙළුම් පොකුණ රඟහල අසල ඇති 'නෙළුම් පොකුණ මාවත' යළි 'ආනන්ද කුමාරස්වාමි' මාවත ලෙස නම් කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් මේ මස 10 වැනිදා පැවැත්වෙන විශේෂ උත්සවයකදී මෙම කාර්යය සිදුකරන බව කොළඹ මහ නගර සභාව පවසයි.
ආනන්ද කුමාරස්වාමි මාවත යනුවෙන් නම් කර තිබූ කොළඹ 07, හෝර්ටන් වටරවුම හා පුස්තකාල වටරවුම අතර කොටස නෙළුම් පොකුණ මාවත යනුවෙන් නම් කළේ 2011 දෙසැම්බර් 15 වැනිදාය.