එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයක් පවත්වාගෙන ගිය තිදරු පියෙකු ඊයේ (15දා) රාත්රියේදී කපා කොටා ඝාතනය කොට ඇතැයි නෙලුව පොලීසිය කියයි.
ඔහුගේ සිරුර නිවස ආසන්නයට ගෙනත් දමා තිබියදී සොයාගත් බව පොලීසිය කියයි. මෙම ඝාතනයට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව පොලීසිය පරීක්ෂණ පවත්වයි.