විදුලිබල අමාත්‍යංශය හදුන්වාදෙන නෙට් මීටරින් ක්‍රමය යටතේ සෑම නිවසක්ම බලාගාරයක් වන දිනය වැඩි ඈතක නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
නිවාස ලක්ෂයක් නෙට් මීටරින් ක්‍රමය හා ජාලගත කිරීමේ සූර්ය කාන්ති සංග්‍රාමය හා සම්බන්ධ සූර්යබල පද්ධති ස්ථාපිත කරන්නන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි අමාත්‍යවරයා මේබව පැවසීය.
2010 වසරේ ආර්ම්භ කරන ලද නෙට් මීටරින් ක්‍රමය පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ව්‍යායාමයේ එක් වැදගත් අංගයක් වන අතර මේ වනවිට නෙට් මීටරින් හා සම්බන්ධව මෙගාවොට් 20ක පමණ ධාරිතාවයක් ජාලගත කිරීමට හැකිවී තිබේ.