විශ්වවිද්‍යාල පාලක සභාවේ ඇතැම් කටයුතුවිශ්වවිද්යාලවල ශාස්ත්‍රීය කටයුතුවලට මෙන්ම සිසුන්ගේ ක්‍රියාකාරකම්වලටද අහිතකර බලපෑම් ඇතිකර ඇති බවපෙනීගොස් ඇති නිසා විශ්වවිද්‍යාල පාලක සභාවල කටයුතු කරන සුදුසුකම් නොමැති සියලු පුද්ගලයන්ට ඉල්ලා අස්වන ලෙස උපදෙස් දී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රාජීව විජේසිංහ මහතා මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරියට උපදෙස් ලබා දී ඇති අතර ඇය විශ්වවිද්‍යාල පාලක සභාවට මේ පිළිබඳව දැනුම්දී තිබේ.