මෙවර දළදා පෙරහර වීථි සංචාරය කිරීමේදී එය නැරඹීමට කිසිදු ආසන පැනවීමක් සිදු නොකරන අතර, දළදා පෙරහර නැරඹීමට පදික වේදිකා සියල්ල සහ මහමළුව මහජනතාවට වෙන්කර ඇති බව දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා පැවසීය.
මහනුවර දළදා පෙරහරේ පළමු රන්දෝලි පෙරහර අද (25දා) වීථි සංචාරය කිරීමට නියමිතය.
අද සිට සිවු දිනක් රන්දෝලි පෙරහර වීථි සංචාරය කරන අතර අවසන් මහා රන්දෝලි පෙරහර 29 වැනිදා වීථි සංචාරය කිරීමට නියමිතය. 30 දා දහවල් පෙරහරින් පසුව පෙරහර අවසන්වීමට නියමිතය.
පෙරහර නැරඹීමට මහනුවර නගරයට පැමිණෙන මහජනතාව වෙත සියලුම සනීපාරක්ෂක, ප්රවාහන ආරක්ෂක පහසුකම් සපයා ඇති බවද, පරිසර හානියක් සිදුනොකර පෙරහර නරඹා ආශිර්වාද ලබාගන්නා ලෙසද දියවඩන නිලමේවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.