තම අවසන් ටෙස්ට් තරගය මහනුවර ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දැරුවද ප්‍රායෝගික ගැටලු හේතුවෙන් එය කිරීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි. එසේම තම අවසන් තරගය නුවර ක්‍රීඩා කිරිමට නොහැකිවීම ගැන සිය ප්රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
අද (11දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
එසේම තමන්ට දේශපාලනයට පැමිණීමට ආරාධනාවක්, බලාපොරොත්තුවක් හා ඒ පිළිබඳව තාම අවධානය යොමු කර නැති බවත් ඔහු කීවේය.