දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (25දා) අලුයම දිවයිනට පැමිණියේය.
ඇය හා ප්රජාතන්ත්රීය, මානව හිමිකම් හා කම්කරු කරයුතු පිළිබඳ සහකාර ලේකම් ටොම් මලිනෝව්ස්කි මහතාද පැමිණියේය. ඔවුන් දෙදෙනා රජයේ ඉහළ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.