අමෙරිකාවේ දකුණු සහ මධ්‍යම ආසියානු සබඳතා පිළිබඳ අමෙරිකානු සහකාර ලේකම් නීෂා බිෂ්වාල් හෙට (2දා) දිවයිනට පැමිණීමට නියමිතය.
කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසා සිටියේ ඇය මෙම මස 2 සහ 3 යන දිනයන්හිදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවයි. ඇය සමග දකුණු ආසියාව පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් අතුල් කේෂප්ද මෙම සංචාරයට එක්වන බවයි.
මෙම සංචාරයේදී ආසියානු කලාපයේ දේශපාලන කටයුතු සහ ශ්‍රී ලංකානු නව රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවනු ඇති බවත්, සිවිල් සංවිධාන සහ ආගමික නායකයන් සමග ද සහකාර ලේකම්වරිය සාකච්ඡා පවත්වනු ඇති බවත් පැවසෙයි.
ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පෙළේ නියෝජිතයෙකු මෙරටට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙයයි.