නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (05දා) නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයන් 21 දෙනෙකු ත්‍රිකුණාමලය, නෝර්වේ දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව නාවික හමුදා මධ්‍ය අංශය සඳහන් කරයි.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 2 ක්, තහනම් දැල් 2 ක්, කිමිදීම සඳහා යොදාගන්නා මුහුණු ආවරණ 3 ක්, පා වරල් යුගලක් සහ මසුන් කිලෝග්‍රෑම් 294 ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කළ බව නාවික හමුදා මධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.