පුල්මුඩේ, කොඩුවකට්ටුමලේ ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ නීතිවිරෝධී ක්රම භාවිත කරමින් ධීවර කර්මාන්තයේ යෙදුණු ලාංකික ධීවරයන් 13 දෙනෙකු ඊයේ (16දා) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
සැකකරුවන් සන්තකයේ තිබී ඩිංගි යාත්රා 03ක්, තහනම් මාළු දැලක් සහ නීතිවිරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 350ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කුච්චවේලි පොලීසියට බාරදීමට කටයුතු කර තිබේ.