පාතාල කණ්ඩායම් ඇතුළු විවිධ නීතිවිරෝධී කණ්ඩායම් බිහිවීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ තරුණ විරැකියාව බවත්, මේ නිසා මෙම කණ්ඩායම් රටින් තුරන් කිරීමට නම් විරැකියාවට විසඳුම් ලබාදිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සඳහන් කරයි.
මේ නිසා තරුණ රැකියා ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට සෑම දිස්ත්‍රික්කයක්ම මූලික කරගනිමින් මාර්ගෝපදේශන ආයතන බිහි කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම මධ්‍යස්ථාන සම්බන්ධීකරණය සඳහා ශ්‍රී ලංකා මාර්ගෝපදේශන ආයතනය බිහිකරන බවත් එම පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඊයේ (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පාතාලය මර්දනය කරන බව කියමින් අඩි හප්පා සද්ද දමන සියලු දෙනා පාතාල කණ්ඩායම් ඇතිවීමට හේතු වී තිබෙන කාරණා සොයාගත යුතු බවයි.
මෙම කාරණාවලට විසඳුම් ලබානොදී කිසිදා මෙවැනි කණ්ඩායම් රටින් තුරන් කළ නොහැකි බවද හෙතෙම පවසා සිටියේය.
මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ යටතේ මෙම වැඩසටහන මේ වසර තුළදීම ආරම්භ කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් උපදෙස් ලැබී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.