නීතිය හා සාමය අමාත්‍යාංශ කටයුතුවලට අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ වන බවට ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රාජ්‍ය පරිපාලන, කළමනාකරණ, නීතිය හා සාමය අමාත්‍යාංශය සඳහන් කරයි.
අග්‍රාමාත්‍යවරයා නීතිය හා සාමය අමාත්‍යාංශ කටයුතුවලට ඇඟිලි ගැසීම නිසා විෂයභාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කලකිරීමට ලක්ව සිටින බවට විවිධ ප්‍රකාශ සිදුකරමින් තිබෙන බවද එම අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මෙම ප්‍රචාරවල මූලික අරමුණ වී තිබෙන්නේ අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතරත්,අග්රාමාත්යවරයාසහ ජනාධිපතිවරයා අතරත් ගැටුමක් ඇතිකර රජය අපහසුතාවට පත් කිරීම බවද එම අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් පෙන්වා දී ඇත.
මෙම ප්‍රකාශ හරහා එක්සත් ජාතික පක්ෂයතුළද අර්බුද නිර්මාණය කිරීමේ උත්සාහයක් සිදුවන බවත්, එම අර්බුදකාරී තත්ත්වය තුළ රජයක් ලෙස ජනතාවගේ විශ්වාසය වර්ධනය කිරීම සඳහා උත්සාහ කර තිබෙන බවත් එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.