නීතිය හා සාමය අමාත්‍යාංශය තමන්ට ලබාදුන්නේ නම් රටේ පවතින අපරාධ රැල්ල මැඩපවත්වන බව වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.
මාධ්‍ය වෙත අද (10දා) අදහස් දක්වමින් ෆොන්සේකා මහතා එසේ පැවසීය.
එමෙන්ම රටේ සිදුවන අපරාධ රැල්ලට නීතිය හා සාමය අමාත්‍යාංශය වගකිව යුතු බවත් මෙම අපරාධ රැල්ල මැඩපැවැත්වීමට නම් ඒ සඳහා රටේ පොලීසිය සහ අධිකරණ පද්ධතිය පිරිසිදු කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.