නීතිපතිවරයා නම් කිරීම අද (10දා) දින සිදුකිරීමට ව්‍යවස්ථාදායක සභාව තීරණයක් ගත් බවත්, සභාව කිසිවෙකුගේ නමක් නිර්දේශ නොකළ බවත් කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (09දා) පැවසීය.
ව්‍යවස්ථානුකූලව එක් නමක් පමණක් ලැබිය යුතු වුවද නම් කිහිපයක් ලැබී තිබීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වන බවද කථානායකවරයා ප්‍රකාශ කළේය.
2002 වසරේ සකස් කර ඇති නිර්ණායකවලට අනුව අදාළ නම් එවා තිබූ බවද ඔහු කීය.
මෙහිදී ව්‍යවස්ථාදායක සභාවට කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවූ බවද හෙතෙම පවසා සිටියේය.