නීතිඥ ප්‍රජාව ආදායම් බදු ගෙවීමට පෙළඹවීමට කටයුතු කරන බව ශ්‍රීලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
තමා ඇතුළු නීතිඥවරුන් මේවනවිටත් ආදායම් බදු ගෙවන බවත්, ආදායම් ලිපිගොනු පවත්වාගෙන යමින් ආදායම් බදු ගෙවීමට තවදුරටත් නීතිඥවරුන් දැනුවත්කරන බවත් ඔහු කීය.
ශ්‍රීලංකා නීතිඥ සංගම් කාර්යාලයේදී අද (01දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේබව කීවේය.
එමෙන්ම නීතිසේවා ලබාගන්නා සේවාදායකයෙකු ඒසඳහා රිසිට් පතක් ඉල්ලා සිටිනවිට එය ලබානොදී සිටිනවානම් එය වරදක් බවද සභාපතිවරයා පැවසීය.
එලෙස කටයුතු කරන නීතිඥවරුන් සිටීනම් වහාම නීතිඥ සංගමය දැනුවත් කරන ලෙසත්, ඔවුන් වෙනුවෙන් වහාම ක්‍රියාත්මකවී කටයුතු කරන බවත් යූ.ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.