විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට සමාන අන්දමේ වෙඩ් අඩවියක් සකස් කොට කොරියාව ඇතුළු රටවල රැකියා ලබාදෙන බව පවසමින් මහජනතාවගෙන් මුදල් ලබාගෙන වංචා කිරීමේ ඡාවාරමක් පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙකුට හා ඒ පිළිබඳ තොරතුරු හෙළිකළ මාධ්‍යවේදිනියකට අධිකරණ භූමිය තුළදීම තර්ජනය කළැයි කියන නීතිඥවරියක වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලීසියේ අධ්යක්ෂවරයාට නියම කළේය.
වංචා සිද්ධියට අදාළ පැමිණිල්ල විභාග කරන අවස්ථාවේදී මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ පවත්වන රහස් පොලිස් නිලධාරියාට අද (16දා) උදෑසන නීතිඥ ඉනෝකා ගමගේ මහත්මිය විසින් තර්ජනය කොට ඇති බව රහස් පොලීසියේ කොස්තාපල් වාසල මහතා අධිකරණයට දැනුම්දුන් අවස්ථාවේ එලෙස නියම කෙරිණි.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයට පත්කොට සිටින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, වංචාවට හසු වූ පිරිස්ද අධිකරණයට පැමිණ සිටියහ.