ශ්රී ලංකා නීතිඥ සංගමයේ 2017/2018 සභාපති ධුරය සඳහා හෙට (21 දා) පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය නැවත දැනුම් දෙනතුරු කල්තැබීමට ශ්රී ලංකා නීතිඥ සංගමය අද (20 දා) තීරණය කළේය.
එම සංගමයේ නිලවරණය සඳහා සහාය දැක්වීමෙන් වැළකී සිටීමට අධිකරණ සේවා සංගමය ගෙන ඇති තීරණය නිසා පැනනැගී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙම නිලවරණය නැවත දැනුම් දෙනතුරු කල් තැබීමට සංගමය තීරණය කළ බව එහි ලේකම් අමල් රන්දෙණිය මහතා පැවසීය.
ඒ අනුව මේ පිළිබඳව යම් විසඳුමක් ලබා ගන්නාතුරු නිලවරණය පැවැත්වීම තාවකාලිකව කල් තැබූ බවද අමල් රන්දෙණිය මහතා වැඩිදුරටත් පැවසීය.