‘යුක්තිය ඔබ වෙත’ යන තේමාව යටතේ නීතීය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ නීතී සතියක් අද (27දා)සිට ලබන මස 05 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය කටයුතු යොදා තිබේ.
ලංකාව පුරා මධ්‍යස්ථාන රැසකදී නීතීඥවරුන් දහසකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව මෙම නීතී සතිය පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි එහි කැඳවුම්කරු නීතීඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා පැවසීය.
‘‘මෙම නීතී සතිය තුළදී නීතී උපදෙස් හා නීතී ආධාර නොමිලේ සැපයීම, සාමාජීය ලෙස වැඩිදියුණු කිරීමට අවශ්‍ය නීතී අංශ පිළිබඳව කතිකාවතක් ඇතිකිරීම සහ මහජනතාව වෙත නීතීය පිළිබඳව කතිකාවතක් ඇති කිරීමට අදහස් කර ඇතැයි පැවසූ නීතීඥ නිශාන් පේ‍්‍රමතිරත්න මහතා, මෙහිදී නීතී අත්පොතක් එළිදැක්වීමටද කටයුතු යොදා තිබෙන බව පවසා සිටියේය.
මහජනතාව වෙත නීතී අත්පොතක් එළි දැක්වීමට, විද්‍යුත් මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමට, වෘත්තිකයන් හා නීතී සිසුන් සඳහා වැඩමුළු පැවැත්වීමට මෙන්ම බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ සහයෝගය මත අලුත්කඩේ අධිකරණ සංකීර්ණය හා ඒ අවට ප්‍රදේශය පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් පැවැත්වීමටද කටයුතු යොදා ඇතැයි නීතීඥ නිශාන් පේ‍්‍රමතිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 011-3 133 864 සහ 011-3 133 872 යන දුරකථන අංකවලින් ලබාගත හැකිය.