ධීවර බෝට්ටුවක් මගින් ඉන්දියාවට ප්රවාහනය කිරීමට උත්සාහ කළ රත්රන් කිලෝග්රෑම් 6.94 ක් සමග ශ්රී ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු යාපනය, මාදගල් ප්රදේශයේදී ඊයේ දින (06) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව නාවික හමුදාව පැවසීය.
මොවුන් ධීවරයින් මුවාවෙන් ධීවර ආම්පන්න ද සහිතව ඩිංගි යාත්රාවක් මගින් ප්රවාහනය කරමින් තිබූ මෙම රත්රන් තොගය නාවික හමුදාව සිදුකළ ක්ෂණික පරික්ෂාවකදී දී සොයාගැනීමට සමත්ව ඇති අතර එම රත්රන්වල වටිනාකම ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 345 ක් පමණ වේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සහ රත්රන් තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රේගු නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කල බව නාවික හමුදා නිල වෙබ් අඩවිය තවදුරටත් වාර්තා කරයි.