නීත්‍යාණුකූල නොවන අන්දමින් සෞදියේ සේවය කරමින් සිටියදී එරට පොලිස් භාරයට පත් වූ කාන්තාවන් 3 දෙනෙකු හා පිරිමි ශ්‍රමිකයින් 16 දෙනෙකු ඊයේ(18) කටුනායක ගුවන් තොටුපලින් මෙරටට පැමිණියහ.
ශ්‍රී ලංකාවට පැමිණි මෙම පිරිස කාර්යාංශයේ ගවන්තොටුපල ඒකකයේ පිහිටි සහන පියස මධ්‍යස්ථානය මගින් ඔවුන්ගේ තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව, ඔවුන්ගේ ගම්බිම් බලා පිටත්ව යාමට ගමන් වියදම් ලබා දීමද සිදු කර ඇත.
නීත්‍යානුකූල නොවන අයුරින් ඇතැමුන් රැකියා සඳහා විදේශ ගත වන බවත් එසේ නීත්‍යානුකූල නොවන අන්දමින් විදේශ රැකියා වල නිරත නොවන ලෙසත් විදේශසේවා නියුක්ති කාර්යාංශය සදහන්කරයි.