කල්පිටිය ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය දේශපාලඥයෙකු සහ ඔහුගේ සොහොයුරෙකු කාලයක් තිස්සේ නීති උල්ලංඝණය කරමින් ආලන්කුඩා ආන්ඩන්කන්නි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වැලි ගොඩ දැමිමේ ජාවාරමක් වැටලීමට කල්පිටිය පොලීසිය සමත්වී තිබේ.
එම ස්ථානයේ තිබී ට්‍රැක්ටර් 3ක්, ටිපර් රථයක් හා වැලි කදු පහත් කිරීමට යොදා ගත් ඩෝසරයක් සමග එහි සේවය කරමින් සිටි කම්කරුවන් 13ක් අද (24දා) අත්අඩංගුවට ගත්තේය.
ස්ථානයේ වැලි ගොඩදැමීම සදහා භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යංශය මගින් බලපත්‍ර ලබා ගෙන තිබුණද එහි කොන්දේසි 29න් 20ට වැඩි ප්‍රමාණයක් උල්ලංඝණය කර ඇති බව සඳහන් වෙයි.