නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ 13ක් අත්අඩංගුවට
- 15 08 2017
- 21:50
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
නැගෙනහිර නාවික විධානයට අයත් ක්ෂණීක ක්රියාකාරි යාත්රා බලඝණයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (15දා) කෝකිලායි සහ කොක්කුතුඩුවායි ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ඩිංගි යාත්රා 03 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 100 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ඩිංගි යාත්රා සහ අනෙකුත් ආම්පන්න සියල්ල ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
