මැණික් ගඟ දඹේයාය ප්රදේශයේ අනවසරයෙන් සිදු කරන ලද පතල් කැණීම් සිදුකරන ස්ථානයක් වැටලීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමත් වී තිබේ.
එහිදී නීති විරෝධී ලෙස පතල කැණීම් කළ පුද්ගලයන් තිදෙනෙකු සමග ඒ සඳහා යොදාගත් භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සහ දේපළ මොණරාගල මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාර දී ඇත.