නීති විද්‍යාලයේ විභාග පැවැත්වීමේදී ලබාදෙන ප්‍රශ්න පත්‍ර සඳහා සිසුන්ට කැමති භාෂාවකින් පිළිතුරු සැපයීම සඳහා එය භාෂා තුනෙන්ම ලබාදීමට කටයුතු කරන බව අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ නීති විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පැවති හමුවකදීය.
නීති විද්‍යාලයේ ශිෂයන්ගේ ආරාධනාවකට අනුව ඔවුන් මුහුණදී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (30දා) පෙරවරුවේ මෙම හමුව පැවැත්විණි.