ධීවර ප්‍රජාවන්ට නීතිරීති හඳුන්වාදී ඇතත්, එම නීතිරීති පිළිපදින්නේ නැති බෝට්ටුවල බලපත්‍ර අහෝසි කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ධීවර අමාත්‍යාංශයේදී පැවති ජාතික ධීවර මහා සම්මේලනයේ මහා සභා රැස්වීමට සහභාගී වෙමිනි.
නීතිවිරෝධී දැල් ආම්පන්න භාවිතයෙන් මාළු ඇල්ලීම හා කෙලවල්ලන්, බලයන් වැනි මත්ස්‍ය වර්ගවල කුඩා පැටවුන් ඇල්ලීම නිසා ඉදිරියේදී මත්ස්‍ය ගහණය හිඟවිය හැකි බව පෙන්වාදෙන අමාත්‍යවරයා, ධීවර ප්‍රජාවන් වෙත හඳුන්වාදී ඇති නීති රීති පිළිනොපදින බොහෝ පිරිස් තවමත් සිටින බවද කියයි.