මාර්ග නීති රීති පිළිබඳව කිසිදු ආකාරයක තැකීමක් නොකරමින් ශ්රී ලංකාවේ දේශපාලඥයින් රැගත් ආරක්ෂක රථ ඇතුළු දේශපාලඥයින් ගමන් ගන්නා වාහන මාර්ගයේ ධාවනය කරන ආකාරය පිළිබඳව ජනතාව නිරන්තරයෙන් සිය විවේචන ඉදිරිපත් කර තිබේ.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතාද මේ සඳහා සිය අප්රසාදය ප්රකාශ කර තිබේ. එවැනි තත්ත්වයක් යටතේ ඊයේ (17දා) පදික මාරුවක් පිළිබඳව කිසිදු තැකීමක් නොමැති ගමන් ගන්නා ආරක්ෂක වාහනයක් හා නවීන බී.එම්.ඩබ්ලිව්. වර්ගයට අයත් මෝටර් රථයක් මෙලෙස කැමරාවේ සටහන්ව තිබුණි.
වාහන අංක - KX 5289/BMW CAS 3311
උපුටා ගැනීම - https://www.facebook.com/shanaka.anthony ෆේස්බුක් ගිණුමෙනි.
මීට පෙර අද වෙබ් අඩවිය මගින් හෙළි කළ මාර්ග නීති කැඩීමක් - http://tinyurl.com/zdetj9y