මිනිපේ ගම්මානයේ නිවාස 4ක් වන අලි කඩාදැමීමට විරෝධය ඵලකරමින් විරෝධතා පුවරු ඔසවාගෙන මිනිපේ ගොවි ජනතාව මාර්ගය හරස් කරමින් විශාල විරෝධතාවයක ඊයේ (17) නිරත විය.
මිනිපේ ගොවිජනපදයේ මේ දිනවල වන අලි කරදර උග්ර වී ඇති අතර එක් රාත්රියකට ගම්මානවල නිවාස කිහිපයක් වන අලි බිද අස්වනු කා දැමිමෙන් ගම්වාසින් දැඩි දුෂ්කර තාවයකට පත්ව ඇති බවත් වනජිවි නිළධාරින් පොරොන්දු පරිදි ගම්මානයට ආරක්ෂාව සලසන බවත්, රාත්රි නිළධාරින් ගම්මානය රැකවල් ලා සිටියදි වන අලියෙකු ගම් වැදී නිවාස 4ක් පෙරේදා (16) රාත්රි කඩා දමා ඇති බව පවසමින් මහියංගන, රංදෙනිගල ප්රධාන මාර්ලගය හරස් කරමින් ඊයේ (17) උදැසන 10.00 සිට දහවල් 12.30 පමණ වනතුරු මාර්ගය හරස් කරමින් විරෝධතාවයක නිරත විය. මේ වන විට ගම්මානයේ නිවාස 10කට ආසන්නා ප්රමාණයක් වන අලි විසින් කඩා දමා අස්වනු කාදමා ඇත. වැන් රථයකටද පහර දී දැඩි අලාභහානි සිදු කර ඇත.
වනජිවි නිළධාරින් ගම්වාසින් හට පෙරේදා (16) උදේ පොරොන්දු වි ඇත්තේ ගම්මානයට ආරක්ෂාව සලසා දෙන බවයි. ඒ මොහොත සදහා හසලක පොලිසියේ නිළධාරින්ද එක්වී සිටි අතර ඒ මොහොත සදහා විශාල පිරිසක් එක් වී සිටි අතර විරෝධතාවය පැවැත්වීමට සංවිධානය කර තිබුනේ පෙරේදා (16) උදැසන වේ. එහෙත් පොලිසියේ හා වනජිවි නිළධාරින්ගේ ඉල්ලිම මත එය ගම්වාසින් විසින් අත්හිටුවන ලදි.
මහියංගන - රංජිත් කරුණාවිර