සී.එස්.එන්. නාළිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක්රමිකතාවක සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන එහි ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග මහතාට ඇප ලබාදීම අද දිනයේත් ප්‍රතික්ෂේප විය.
සිද්ධිය සම්බන්ධයෙන් ඔහුත් සමග අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු සිවුදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ඊයේ (14දා) ඇප නියම විය. අප අයඳුම නැවතත් හෙට දිනයේදී කැඳවීමට නියමිතය.