සී.එස්.එන්. නාලිකාවේ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එහි ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග මහතාට අද (14දා) ඇප නියම නොවීය.
ඔහුගේ ඇප ඉල්ලුම හෙට සලකා බලන බව කොළඹ මහාධිකරණය ප්‍රකාශ කළේය. සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට කොන්දේසි යටතේ ඇප නියම විය.