නිවෙස් හිමිකාරිය මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ නිවසේ මෙහෙකාරියට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (05දා)මරණ දඬුවම නියම කළේය.
මීට වසර 23කට ඉහත සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් වරදකාරිය වී මරණ දඬුවම නියම වී සිටියදී හොර රහසේ විදේශගතව සිට ආපසු ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවටගත් මුත්තුසාමි සරස්වතී නමැති කාන්තාවටය.
1995 මැයි මස 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කිරුලපන ප්රදේශයේදී කුසුම්සිරි අමරාවතී නමැත්තියගේ මරණය සිදුකළ බවට විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.