දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ ලෙස හෝ පදිංචියට නුසුදුසු ලෙස නිවාස හානි වූ පවුල් සහ නායයාමේ දැඩි අවදානම හේතුවෙන් පදිංචිව සිටි නිවාසවලින් ඉවත් කරන ලද පවුල් සඳහා ජුනි, ජුලි හා අගෝස්තු දක්වා මසකට රුපියල් 7500 බැගින් දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඔවුන්ට තාවකාලිකව කුලී නිවාසවල පදිංචිවීමට මෙම මුදල් ගෙවනු ලබයි. මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩලයට ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉදිරිපත් කළ අතර එයට කැබිනට් අනුමැතිය හිමිවිය.
පසුගිය මැයි මස අගභාගයේ ඇති වූ ගංවතුර, නායයෑම් හා සුළි සුළං හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්වූ අතර, එහිදී නිවාස 3,037 ක් පූර්ණ වශයෙන්ද, නිවාස 25,647ක් අර්ධ වශයෙන්ද හානියට පත්ව ඇත.