මධ්‍යම පාන්තික ජනතාවගේ නිවාස ප්රශ්නය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් නිවාස ලක්ෂ 5 වැඩසටහනේ ඉදිකිරීම් කටයුතු එළඹෙන ජූනි මාසයේදී ආරම්භ කෙරෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පසුගියදා (12දා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පවසා සිටියේය.
එසේම අලි මිනිස් ගැටුම හේතුවෙන් විනාශයට පත්වන නිවාස සඳහා ආධාර ලබාදීමේ වැඩසටහනක්ද ඉදිරි සති දෙකක කාලය තුළදී ක්‍රියාත්මක වන බවද හෙතෙම එහිදී සඳහන් කළේය.
අමාත්‍යවරයා කියා සිටියේ දෙස් විදෙස් අරමුදල් යොදවා තවත් ගම්මාන 200ක් ඇරඹීම රජයේ මීළඟ ඉලක්කය වී ඇති බවයි.
ඒ අනුව ජනතාවගේ අසහනයන් අඩුකර ක්‍රමානුකූලව තිරසාර සංවර්ධනයක් කරා රට ගමන් කරවීමට ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ පූර්ණ කැපවීම ලබාදෙනු ඇති බවද ඔහු පැවසීය.
එහිදී, වැඩිදුරටත් කරුණු දක්වා සිටි ප්‍රේමදාස මහතා,
'පසුගිය ආණ්ඩුවේ අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණය තුළින් කොලේ වහලා ගහපු ආර්ථික ගේම් එක හින්දා අද රටේ ජනතාව නිරතුරුවම බැට කනවා. හැම ඡන්දයක්ම ළං කරලා පසුගිය රජය කළේ ගිනි පොළියට ණය අරගෙන ප්රතිලාභ අත්පත් නොවන ව්‍යාපෘති දියත් කරලා තාවකාලික වින්දනයක් රටේ ජනතාවට ලබදෙන එක. එයින් දීර්ඝකාලීනව රට මහා ප්‍රපාතයකට ඇද දැමීමක් තමයි පසුගිය රජය ක්‍රියාත්මක කළේ. දැන් අපිට තියෙනවා බිලියන 8500ක ණය ගෙවන්න. හැම අවුරුද්දකම බිලියන 1500ක් ණය වාරික හැටියට ගෙවන්න ඕන. තවත් අමතර බිලියන 500ක් පොළී වාරිකය හැටියට ගෙවන්න ඕන. දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා පසුගිය ආණ්ඩුව ජනතාවගේ ඔළුව උඩ තියපු මේ ණය බෝම්බය නිෂ්ක්‍රීය කරන්න.
අපේ රජය මොනම හේතුවකටවත් රාජ්‍ය අරමුදල් නාස්ති කරන්නෙ නෑ. අවභාවිතයට ලක් කරන්නේ නෑ. අපි අපේ මාසික වේතනය පවා නිවාස ඉදිකිරීමේ වැඩසටහන්වලට පරිත්‍යාගශීලීව යොදවනවා.
පසුගිය කාලයේ විදෙස් සංචාර යද්දී මගීන් 260 යන්න ගුවන් යානයේ හැකියාව තිබුණා නම් 260ම ගියේ සුවච ගෝලබාලයෝ. අපේ අගමැතිතුමා පිටරට යද්දී උපරිමය යන්නේ උපදේශකවරු සහ ලේකම්වරු 10යි 15යි.
අගමැතිවරයා කියන්නේ රටේ දෙවැනි පුරවැසියා. අගමැතිවරයාට ආරක්ෂාව ලබාදෙන එක ගැන එතුමාගේ නිල වාහන පිළිබඳ බොරුවට ප්‍රශ්න කරන එක එතුමාට කරන මහා අකටයුත්තක්. නිග්‍රහයක්' යනුවෙන්ද සජීත් ප්‍රේමදාස මහතා පවසා සිටියේය.