පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමේ පහසුව සඳහා නිවෙස්වලට ලබාදෙන ඡන්ද කාඩ්පත් මෙතෙක් ලැබී නොමැති නම් අදාළ ප්‍ර‘දේශයේ තැපැල් කාර්යාලයෙන් ඡන්ද කාඩ්පත් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ජනවාරි 19 වැනිදා සිට ආරම්භ වූ අතර, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස පසුගිය 28 වැනිදා ප්‍රකාශයට පත් කර තිබිණි.
එමෙන්ම නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම පෙබරවාරි 03 වැනිදායින් අවසන් වූ බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ නිසා මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති ඡන්දදායකයන්ට තම තැපැල් කාර්යාලය තුළින් එය ලබාගත හැකි බවත්, එමනිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිකුත් කරන්නේඅදාළ ඡන්දදායකයා වෙත පමණක් බවත් එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඡන්ද පොළට රැගෙන යාමෙන් ඡන්ද දායකයන්ට පහසුවක් සැලසෙන බවත්, එහෙත් කාඩ්පත නොමැති වුවද, ඡන්ද නාමලේඛනයේ නම සඳහන් ඡන්ද දායකයන්ට වලංගු අනන්‍යතා පත්‍රයක් ඉදරිපත් කිරීමෙන් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සැලසෙන බවත් එම කොමිසම සඳහන් කරයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පෙබරවාරි 10 වැනිදා පැවැත්වේ.