නිල් බළකාය නමින් මෙතෙක් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය මතුවට ක්‍රියාත්මක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මෙතෙක් නිල් බළකායේ නායකත්වය ගෙන කටයුතු කළේය. එහෙත් පසුගියදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාද, ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් වීරවර්ධන මහතාදපත්කෙරිණි.