නිල් බළකා සංවිධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අහෝසි කර දමා තිබෙන බවට ප්‍රචාරයක් දියත් වුවත් එම සංවිධානය අහෝසි කිරීමක් සිදුකර නොමැති බවත්, සිදු කර තිබෙන්නේ එහි නාමයේ වෙනසක් කිරීම පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංගමය පසුගිය කාලයේ නිල් බළකා සංවිධානය ලෙස හැඳින්වූ බවත්, එහෙත් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී නිල් බළකා නාමය හා කාන්තා සංවිධානයේ නාමවල පමණක් වෙනසක් සිදුකළ බවද එම පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමයන්ත මහතා සඳහන් කළේය.
මේ අනුව නිල් බළකා සංවිධානයේ නාමය තරුණ පෙරමුණ ලෙසත් කාන්තා සංවිධානය කාන්තා පෙරමුණ ලෙසත් නම් වශයෙන් පමණක් වෙනස් වී තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.