තොරතුරු නිලධාරියෙකු පත්කර නොමැති යැයි පවසමින් තොරතුරු ලබා නොදීසිටීමට කිසිම ආයතනයකට හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා 'අද' ට පැවසීය.
එලෙස පවසමින් යම් ආයතනයක් තොරතුරු ලබාදීම මඟහරින්නේනම් ඒ සම්බන්ධයෙන් තොරතුරු කොමිසමට පැමිණිලි කරන ලෙසද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
තොරතුරු නිලධාරියකු නොමැති අවස්ථාවන්හිදී ආදාළ ආයතනයේ ප්‍රධානියා තොරතුරු නිලධාරියා ලෙස කටයුතු කළ අතර, එම වගකීම පැහැරහැරීමට කිසිවකුට අයිතියක් නැති බවද අමාත්‍යවරයා කීවේය.
තොරතුරු දැනගැනීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බැවින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමට කිසිදු අයිතියක් නිලධාරීන්ට නොමැති බවද ගයන්ත කරුණාතික අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඇතැම් රාජ්‍ය ආයතන මගින් ජනතාවගේ තොරතුරු ඉල්ලන විට තොරතුරු නිලධාරියකු පත්කර නොමැතිබව පවසමින් තොරතුරු ලබානොදුන් අවස්ථා කිහිපයක්ම තමාට වාර්තාවී ඇති බවද අමාත්‍යවරයා කීවේය.