මෙතෙක් නිල නිවාස භාර නොදුන් හිටපු මන්ත්‍රීවරුන් ඉදිරි මාසයක කාලය තුළ භාරදීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම්දී තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතුරෙන් 25 දෙනෙකු පමණ පසුගිය සතිය වනවිටත් නිල නිවාස භාරදී නොතිබුණි. මෙම මාසයක කාලය තුළ නිසි ප්‍රතිචාර නොදක්වන්නේනම් හිටපු මන්ත්‍රිවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශකර තිබේ.