පළාත් සභා තුළ සිදුවන මූල්‍ය අක්‍රමිකතා සෙවීම සඳහා ස්වාධීන මණ්ඩලයක් පත්කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉදිරි දිනයකදී ඉල්ලා සිටින බව ජාතික ප්‍රතිපත්ති සභා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේය.
පළාත් සභා තුළ විවිධ දූෂණ වංචා සිදුවන බවට හෙළිවී තිබෙන බැවින් මෙවැනි ඉල්ලීම් කරන බවද හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව දැනට දූෂණ වංචා හෙළිව තිබෙන උතුරු පළාත් සභාව හා වයඹ පළාත් සභාව පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.