නිරිතදිග මෝසම් සක්‍රීයවීම හේතුවෙන්දිවයින වටා මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ත්, 70ත් දක්වා ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙට (06දා) සිට 10 වැනිදා දක්වා මෙම තත්ත්වය පැවැතිය හැකි බවත්, ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කළයුතු බවත් කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙම කාලය තුළදී පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වූ මුහුදු ප්‍ර‘දේශවල හා හම්බන්තොට, පොතුවිල් හරහා මඩකලපුව දක්වා වූ මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත්,70ත් දක්වා විටින් විට ඉහළ යාහැකි බවද හෙතෙම පවසා සිටියේය.
සෙසු මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ත්, 60ත් දක්වා විටින් විට ඉහළ යාහැකි බවද කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥවරයා සඳහන් කළේය.
එමෙන්ම ඉදිරි සතිය පුරා විටින්විට වැසි ඇතිවිය හැකි බවත්, අද (05දා) බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම හාවයඹ පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඔහු පැවසීය.
අද (05දා)මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍ර‘දේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි හෝ සාමාන්‍ය වැසි ඇතිවිය හැකි බවද නිමල් බණ්ඩාර මහතා පවසා සිටියේය.
නිරිතදිග මෝසම් සක්‍රීය වීම හේතුවෙන් යාපනය, මන්නාරම, මුලතිව්, වවුනියාව, පොළොන්නරුව, මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කවල විටින් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත්, 70ත් දක්වා ප්‍රහාරාත්මක ලෙස ඉහළ යා හැකි බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ හේතුවෙන් නිවාස අවට තිබෙන ගස්වල අනාරක්ෂිත අතු කපාදමා සුරක්ෂිතතාවක් ඇතිකර ගන්නා ලෙසද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මීට අමතරව සෙසු දිස්ත්‍රික්කවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බවද හෙතෙම පවසා සිටියේය.
වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන බැවින් කඳු ආශ්රිත ජනතාව කඳු නාය යෑම පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවද ඔහු පැවසීය.
මෙම තත්ත්වය හෙට (06දා) සිට10 වැනිදා දක්වා කාලය තුළ පැවැතිය හැකි බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.